අප රට අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට හසුව තිබූ යුගයේ බෞද්ධ අධ්‍යාපනයෙන් නන්වාලීමේ උදාර අරමුණ ඇතුව කටානයේ දානපති ට්‍යුඩර් රණසිංහ මැතිතුමා විසින් 1930/01/13 වන දින පොල් අතු සෙවිලි කළ කුඩා කුටියට මෙම බෞද්ධ මිශ්‍ර පාසල ආරම්භ කෙරිණ . මේ වන විට දුනගහ රණසින මහා විද්‍යාලයේ සිසුන් 1500ක් වන අතර ගුරු භවතුන් හැට තුනක් පමණක් සේවය කරයි. මුල් අවධියේ සිටම නියමිත සුදුසුකම් ඇති ගුරු මණ්ඩලයක් මගින් මෙහි අධ්‍යාපන කටයුතු ක්‍රමානුකූලව විධිමත්ව කරගෙන ගිය බවට පාසල් පරීක්ෂකරන් විසින් වසරක් පාසා තබන ලද සටහන් පරීක්ෂා කරබැලීමේදී පෙනී යයි .
එකල 1 ශ්‍රේණයේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ දහතුන් වසරක අධ්‍යාපනයක් අප පාසලේ පැවතුණි. පහ වසරට ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ ගිය අතර අපොස සා පෙළ මෙන්ම අපොස උසස් පෙළ පෙළ ප්‍රතිඵලද ප්‍රගතියක් පෙන්නුම් කළ මේ යුගයේ ක්‍රීඩා චිත්‍රය නැටුම් ආදී විවිධ අංශයන්ගේද සිසුහු දක්‍ෂතා මතු වී සිසුවූ විනයද ඉතා උසස් මට්ටමක පැවතුණි .
අතීතයේ සිටම මහා අභිමාණවත් පාසලක් ලෙසින් 1984 පැවැත් වූ ගම්පහ දිස්ත්‍රික් පාඨශාලාන්තර කථික තරගාවලියේ ප්‍රථම ස්ථානය අප විදුහලේ බන්දුල චරිතන ශිෂ්‍යා දිනා ගත් අතර 1986 සංවත්සර මහපොළ කථික තරඟයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් අතර ප්‍රථම ස්ථානය ආර් ජයතිලක ශිෂ්‍යයාට ද හිමි විය. 1990 මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධව මීගමු පොලිස් අධිකාරිය කොට්ඨාසයේ පාසල් අතර පැවැත්වූ විවාදයේ ප්‍රථම ස්ථානය ද අප පාසලේ විවාද කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.







